Swipe left or right to navigate stories
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.

ඊට අමතරව ජාත්‍යන්තර පොලීසිය හරහා සැකකරුට එරෙහිව රතු නිවේදනයන් ලබාගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළේය.



නඩුව සහ චෝදනාවේ ස්වභාවය

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙත 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතු සඳහා යෙදවීම වෙනුවට, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000 ක් ලබා දෙමින් රජයට පාඩු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මඟින් මෙම කරුණු අධිකරණයට වාර්තා කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem