Swipe left or right to navigate stories
පොලිසියට පහරදී මරණ තර්ජනය කළ හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරිට සිරදඬුවම්

පොලිසියට පහරදී මරණ තර්ජනය කළ හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරිට සිරදඬුවම්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ල කිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිරදඬුවමක් නියම කිරීමට බදුල්ල මහාධිකරණය අද (28) නියෝග කළේය.

අදාළ නඩුව බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.



විත්තිකරුවන් වරදකරුවන් වෙයි

අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

නඩු විභාගයෙන් අනතුරුව විනිසුරුවරයා තීරණය කළේ චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන අය චෝදනා හතරකටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වරදකරුවන් බවය.

කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවෙකු වූ රියදුරු බන්දුල රත්නායක නැමැත්තා මේ වන විට මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය විය.



සිද්ධියේ පසුබිම

2019 වසරේ පෙබරවාරි මස 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මෙම සිදුවීම සිදුව තිබේ.

චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සහ මරණ තර්ජනය කිරීම සිදුව ඇති බව නඩු විභාගයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.ඩා

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem