රුපියල් කෝටි දෙකක මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්රයා සහ චීන ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන ජූලි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
අදාළ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගයද එදින තෙක් කල් තැබීමට මහේස්ත්රාත්වරයා පියවර ගත්තේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්රයාට අයත් ජංගම දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා පොලිස් මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස අදාළ දුරකථන සමාගම්වලට සහ බැංකුවලට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
පැය 24ක රැඳවුම් නියෝග
රුපියල් කෝටි 2ක මංකොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්ය අමාත්යවරයාගේ පුත්රයාගෙන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට පොලිසියට අධිකරණය විසින් ඊයේ (22) අවසර ලබාදී තිබිණි.
එම දීර්ඝ ප්රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අද (23) කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.