ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් එම ඇප නියෝගය අවලංගු කර මන්ත්‍රීවරයාව යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
වගඋත්තරකරුවන්ට නොතීසි සහ ඉදිරි නඩු දින
පෙත්සම සලකා බැලූ විනිසුරුවරයා සිද්ධියට අදාළ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.
ඒ අනුව ඉදිරි නීතිමය පියවර සඳහා වගඋත්තරකාර පාර්ශ්වයේ විරෝධතා ගොනු කිරීම දෙසැම්බර් 08 වැනිදා සිදුකෙරන අතර පෙත්සම්කාර පාර්ශ්වයේ ප්‍රතිවිරෝධතා ගොනු කිරීම ජනවාරි 18 වැනිදාත්, පෙත්සමේ විභාගය කැඳවීම පෙබරවාරි 05 වැනිදාත් සිදු කිරීමට නියමිතය.
Comments
Moderated before publishing. Your email stays private.