මෙරට ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටල්, ආපනශාලා සංකීර්ණ සහ උත්සව ශාලා පරිශ්රයකින් සමන්විත Waters Edge ආයතනය සිය ඉතිහාසයේ ප්‍රථම වරට වාර්ෂික ආදායම රුපියල් බිලියන 3 සීමාව ඉක්මවා යමින් වාර්තාගත මූල්‍ය ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.
පසුගිය මාස 16ක කාලය පුරා අඛණ්ඩව මාසික ලාභ ලබමින් සිටින Waters Edge ආයතනය, 2026 වසර අවසන් වීමට පෙර රුපියල් මිලියන 500ක බදු පෙර ලාභයක් ඉපැයීමට අපේක්ෂා කරන බව ආයතනයේ සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පෙරළිකාර වෙනස්කම් සහ නව කළමනාකාරිත්වයේ සාර්ථකත්වය
2024 දෙසැම්බර් 12 වැනිදා Waters Edge හි නව සභාපතිවරයා ලෙස වැඩ භාරගත් අත්දැකීම් බහුල ව්‍යවසායකයෙකු වන චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් හඳුන්වා දුන් නව ව්‍යාපාර ව්‍යුහයන් මෙම සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයට මඟ පාදා තිබේ.
මෙම වාර්තාගත ජයග්‍රහණය පිටුපස උත්සව ශාලා අංශය, ආහාර පාන අංශය සහ කාමර ව්‍යාපෘති යන අංශයන්හි සිදුකළ පෙරළිකාර වෙනස්කම් රැසක් හරහා ආදායම ඉහළ නැංවීම මෙන්ම සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ නායකත්වය, සාමාන්‍යාධිකාරී ඉයන්ත් අබේසිංහ මහතාගේ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලයේ කැපවීම මෙන්ම පාරිභෝගිකයන්ගේ අඛණ්ඩ විශ්වාසය හා සහයෝගය අන්තර්ගත වී තිබේ.
ජාත්‍යන්තර මට්ටමේ සම්මානනීය ආයතනයක් බවට පත්වීමේ ඉදිරි දැක්ම
නව අරමුණු සහ නව දැක්මක් ඔස්සේ Waters Edge ආයතනය තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
තිරසාර සංවර්ධන ක්‍රමවේද සහ උසස් සේවා මට්ටම් පවත්වා ගනිමින් ඉදිරියේදී Waters Edge ආයතනය ජාත්‍යන්තර මට්ටමේ සම්මානනීය ආයතනයක් බවට පත් කිරීම සිය ප්‍රධාන අරමුණ බව එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.