Swipe left or right to navigate stories
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජීවිතක්ෂයට පත්වෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජීවිතක්ෂයට පත්වෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට හිටපු පොලිස්පතිවරයා 63 වැනි වියේ පසුවිය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙඩි වැදීමෙන් අනතුරුව ඔහුව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවය.



පොලිස් සේවය

මෙරට 35 වැනි පොලිස්පතිවරයා වූ සී.ඩී. වික්‍රමරත්න මහතා, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් විය.

පසුව 2020 නොවැම්බර් මස සිට 2023 නොවැම්බර් මස විශ්‍රාම යන තෙක්ම ඔහු මෙරට පොලිස්පති ධුරය හෙබවීය.

වසර 30 කට අධික සේවා කාලයකට හිමිකම් කියන ඔහු මීට පෙර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem