ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම එළඹෙන ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අද (12) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් නියෝග
මහින්ද කහඳගම අයිස් මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව ක්රියාත්මක වූ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය, ඉකුත් ඔක්තෝබර් 06 වැනිදා අයිස් මත්ද්රව්යද සමග ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා මහින්ද කහඳගම, මෙම මස 12 වැනිදා දක්වා රැඳවාගෙන ප්රශ්න කිරීමට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට අධිකරණය මගින් අවසර ලබාදී තිබිණි.
එම රැඳවුම් නියෝග කාලසීමාව අවසන් වීමෙන් පසු අද දින මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Comments
Moderated before publishing. Your email stays private.