අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව, හිටපු අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (7) කොළඹ මහාධිකරණය මඟින් ඇප මත මුදාහරින ලදී.
හිටපු අමාත්යවරයාට එරෙහිව අල්ලස් කොමිසම මඟින් මෙම අධිචෝදනා ගොනු කර ඇත්තේ ව්යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමකට අදාළවය.
ඔහු මෙලෙස අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත්තේ 2013 වසරේ ආයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ කටයුත්තක් පහසු කරදීමට අනුබල දීම වෙනුවෙනි.
Comments
Moderated before publishing. Your email stays private.