2027 අයවැය යෝජනා මඟින් පාරිභෝගික ජනතාවට ලබාදුන් සහන කඩිනමින් ක්‍රියාත්මක කරමින්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට අදාළ නිල ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (12) පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ පරිදි, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි මෙම නව බදු සංශෝධන ක්‍රියාත්මක වේ.
බදු අඩු කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කිලෝග්‍රෑමයක් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත පරිදි පහළ දමා ඇත.
- ආනයනික හාල්මැස්සන්: කිලෝග්‍රෑමයකට රුපියල් 100ක්ව පැවති බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබේ.අ
- ආනයනික උම්බලකඩ: කිලෝග්‍රෑමයකට රුපියල් 202ක්ව පැවති බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර ඇත.
- වියළි මිරිස් (කුඩු කළ සහ කුඩු නොකළ): කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා පහළ දමා තිබේ.
මෙම බදු සහනයන්හි සෘජු ප්‍රතිලාභය පාරිභෝගික ජනතාවට ලැබීමත් සමඟ ඉදිරි දිනවලදී වෙළෙඳපොළ තුළ අදාළ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Comments
Moderated before publishing. Your email stays private.