Swipe left or right to navigate stories
සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම සලකා බැලීම 30 වැනිදාට කල් යයි

සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම සලකා බැලීම 30 වැනිදාට කල් යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලබා සිටින සුගීෂ්වර බණ්ඩාර මහතා නැවතත් ලබන ජූලි 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) නියෝග කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, ඔහු විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම සලකා බැලීමද එදින දක්වා කල් තැබීමට නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

කෙසේ වෙතත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුණද, ඊට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සිදු කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අනාවරණය වූ බවය.

එමෙන්ම කිසිදු ව්‍යාපෘතියක් සිදු කර නොතිබුණද ඊට අදාළව සේවකයින් 134 දෙනෙකු සේවය කර ඇති බවත්, ඔවුන් සිදු කළ සේවාවන් සම්බන්ධයෙන් මාසිකව හෝ වාර්ෂිකව කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem