Swipe left or right to navigate stories
සැප්තැම්බර් සිට පොදු ප්‍රවාහන වාහනවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂාවක්

සැප්තැම්බර් සිට පොදු ප්‍රවාහන වාහනවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂාවක්

මෙරට පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලුම වාහන සඳහා අනිවාර්ය තත්ත්ව පරීක්ෂාවක් ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය තීරණය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙරට සිදුවන මාර්ග අනතුරුවලට ප්‍රධාන වශයෙන් රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින යාන්ත්‍රික හා තාක්ෂණික දෝෂ හේතු වන බව හඳුනාගෙන ඇති බවය.

වාහනවල පවතින ධාවන නොගැලපීම් සහ තාක්ෂණික දෝෂ කලින් හඳුනාගෙන, ඒවා නිවැරදි කරවීම හරහා මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, මාරාන්තික මාර්ග අනතුරු අවම කරගැනීමත් මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී තිබේ.



තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම

නඩත්තුවකින් තොරව ධාවනය වන පොදු ප්‍රවාහන වාහන මඟින් සිදුවන අනතුරු වැඩිවීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දිවයින පුරා ධාවනය වන සියලුම පොදු ප්‍රවාහන වාහන මෙම පරික්ෂාවට ලක් කෙරෙනු ඇත.

මෙම පරීක්ෂණ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය අයදුම්පත් කැඳවීම මේ වන විටත් සිදු කර අවසන් බව කවුන්සිලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු අවසන් වූ සැණින් සැප්තැම්බර් මාසය අග භාගයේ සිට දිවයින පුරා පරීක්ෂණ වැඩසටහන සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem