පූජ්ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්රමුඛ ස්වාමීන් වහන්සේලා සාම පා ගමනෙන් හෙට දින (28) කැලණියේ සිට කොළඹ නිදහස් චතුරස්රය වෙත වැඩම කිරීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ නගරය කේන්ද්ර කරගමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාවට නැංවීමට ශ්රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.
පා ගමන වෙනුවෙන් පැවැත්වෙන රාජ්ය උත්සවය එහි නිමාවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතය.
උත්සවයට අදාළව කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් ඒ් ආශ්රිත ප්රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම සැලැස්මට අනුව හෙට උදෑසන 11.00 සිට අදාල මාර්ග වල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කෙරෙණු ඇත.
විශේෂ රථවාහන සැලැස්ම ක්රියාවට නැංවෙන මාර්ග
- බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හන්දිය දක්වා
- මරදාන පාර
- නන්දදාස කෝදාගොඩ මාවත
- වෝඩ් පෙදෙස
- සොයිසා වට රවුම
- ලිප්ටන් වටරවුම
- ධමපාල මාවත
- එෆ්.ආර් සේනානායක මාවත
- සී.ඩබ්.ඩබ්. කන්නංගර මාවත
- හෝර්ටන් වටරවුම
- නන්දා මෝර්ටස්
- නිදහස් මාවත
- ප්රේමසිරි කේමදාස මාවත
- කේම්බ්රිජ් පෙදෙස
- ග්ලාස් හවුස්
- මාර්කස් ප්රනාන්දු මාවත
- පුස්තකාල හන්දිය
- මල්පාර, පිත්තල හන්දිය
- ජේම්ස් පීරිස් මාවත
- මුත්තයියා පාර
- බේබෘක් විදීය ස්ටැපල් වීදිය
- ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගය
මෙම කාල සීමාව තුල ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ශ්රී ලංකා පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.