Swipe left or right to navigate stories
සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට

සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද (10) උදෑසන නාරාහේන්පිට පිහිටි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අදාළ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.



අධිකරණයට කරුණු වාර්තා කිරීම

සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයාට තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින්, ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉකුත් 6 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි.

ඊට අමතරව අදාළ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍ය නාළිකාවලින් එම ප්‍රකාශයට අදාළ සංස්කරණය නොකළ දර්ශන ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර හිමිවී තිබේ.



අත්අඩංගුවට ගැනීමට මුල් වූ ප්‍රකාශය

පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

"මහපාරේ මිනිසුන්ගෙන් ගුටිකෑම නිසා මහ පාරේ මියගිය 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වෙනවාට තමන් අකැමැතියි." යනුවෙන් සාගර කාරියවසම් මහතා එහිදී ප්‍රකාශ කර තිබිණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem