Swipe left or right to navigate stories
සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත සිරදඬුවම්

සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත සිරදඬුවම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැරදිකරු බව කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය.

ඒ අනුව ඔහුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 18 ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ චෝදනා පත්‍ර හතරටම විත්තිකරු වැරදිකරු බවය. ඒ අනුව එක් චෝදනා පත්‍රයකට වසර 4 බැගින් මෙම සිරදඬුවම නියම විය.



නඩුවේ පසුබිම

මෙම නඩුව ගොනු කර තිබුණේ සරණ ගුණවර්ධන මහතා 2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයට අදාළවය.

එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ඔහුට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර තිබුණි.

මෙම නඩුවේ තීන්දුව සහ දඬුවම් නියම කිරීම මීට පෙර පසුගිය මැයි මාසයේ 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, තීන්දුව සම්පූර්ණයෙන් සකස් කර අවසන් නොවීම හේතුවෙන් එය අද (ජූනි 09) දින දක්වා කල් දමා තිබුණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem