Swipe left or right to navigate stories
සමාගම් 6ක දේපළ ක්‍රියා විරහිත කිරීමට පියවර : මහ බැංකුවෙන් නිවේදනයක්

සමාගම් 6ක දේපළ ක්‍රියා විරහිත කිරීමට පියවර : මහ බැංකුවෙන් නිවේදනයක්

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වන වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නීතිවිරෝධී ලෙස හැසිරුණු සමාගම් කිහිපයක සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු දේපළ සහ අනෙකුත් වත්කම් විකිණීම, පැවරීම හෝ අන් අයුරකින් ගනුදෙනු කිරීම වළක්වමින් නියෝග නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් අදාළ සමාගම් සම්බන්ධයෙන් එම දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝග දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.



අදාළ සමාගම් ලැයිස්තුව

මෙසේ දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාදී ඇති සමාගම් මෙසේය.

මුදල් ව්‍යාපාර පනතේ 42වන වගන්තියට අනුව පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින සමාගම්

1. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (ප්‍රයිවේට්) ලිමිටඩ්
2. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවේට්) ලිමිටඩ්

මුදල් ව්‍යාපාර පනතේ 2වන වගන්තිය උල්ලංඝණය කර ඇති බව දැනටමත් තීරණය කර ඇති සමාගම්

3. සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්
4. ප්‍රෝ ෂෝප් ඇඩ්වර්ටයිසින් හෝල්ඩින්ස් (ප්‍රයිවේට්) ලිමිටඩ්
5. ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවේට්) ලිමිටඩ්
6. ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැණි (ප්‍රයිවේට්) ලිමිටඩ්



මහජනතාවට කෙරෙන අවධාරණය

නීත්‍යනුකූල බලයලත් ආයතනවල පමණක් තම මුදල් තැන්පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

එසේ කිරීමට අපොහොසත් වීමෙන් අවසානයේදී ජනතාව දැඩි පරිශ්‍රමයකින් උපයාගත් මුදල් අහිමි වීමට ඉඩකඩ ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම, යම් පුද්ගලයන්, සමාගම් හෝ ආයතන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව මහජනතාවගෙන් තැන්පතු භාර ගන්නා බවට හැඟී යන්නේ නම් එවැනි ආයතන සහ පුද්ගලයින් පිළිබඳව නොපමාව මහ බැංකුව වෙත වාර්තා කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem