Swipe left or right to navigate stories
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් අලුතින් ඉදි කරන ලද පීඨ සංකීර්ණය පසුගියදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණි.

දැනට සබරගමුව වෛද්‍ය පීඨය තුළ වෛද්‍ය සිසුන් 750කට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරන අතර වාර්ෂිකව වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙම විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 160කට ආසන්න බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අක්කර 20ක විශාල භූමි භාගයක විහිදී ඇති මෙම දැවැන්ත වෛද්‍ය පීඨ සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයෙන් සහ සෞදි රජයෙනි.එහිදී ශ්‍රී ලංකා රජයේ දායකත්වය රුපියල් මිලියන 2,876ක් පමණ වන අතර සෞදි රාජ්‍යයේ දායකත්වය රුපියල් බිලියන 15කට ආසන්න මුදලකි.



අන්තර්ගත පහසුකම්

වෛද්‍ය සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ අධ්‍යයන මෙන්ම නේවාසික අවශ්‍යතා ද සපුරාලමින් මෙම නව පරිශ්‍රය තුළ පහත පහසුකම් ස්ථාපනය කර ඇත.

සමස්තයක් ලෙස දේශන ශාලා 6ක් මෙහි අන්තර්ගත වන අතර ඊට අසුන් 25 බැගින් වූ දේශන ශාලා 2ක්, අසුන් 200ක දේශන ශාලාවක් සහ අසුන් 160 බැගින් වූ දේශන ශාලා 3ක් ඇතුළත් වේ. ප්‍රධාන ශ්‍රවණාගාරය එකවර සිසුන් 1,060 දෙනෙකුට අසුන් ගත හැකි පරිදි නිර්මාණය කර ඇත.

සිසුන් 500කට එකවර නවාතැන් ගත හැකි ශිෂ්‍ය නේවාසිකාගාරයක් සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර කින් සමන්විත මෙම පීඨ සංකීර්ණයට පරිපාලන ගොඩනැගිල්ලක්, පෙර සායනික මධ්‍යස්ථානයක්, නවීන පුස්තකාලයක් සහ ආපනශාලාද ඇතුළත් කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem