Swipe left or right to navigate stories
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් ගොනු කර තිබෙන විශේෂ පෙත්සම් 26ක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.



මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා

අදාළ පෙත්සම් මඟින් පෙන්වා දී ඇත්තේ, මෙම නව පනත් කෙටුම්පත තුළ ඇතුළත් කර ඇති ඇතැම් වගන්ති සහ විධිවිධාන හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට පුරවැසියන්ට සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බවය.

එම නිසා අදාළ පනත් කෙටුම්පතේ අඩංගු අදාළ වගන්ති සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ නොහැකි බවත්, ඒවා නීතිගත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයකින් අනුමත විය යුතු බවට සහ සමස්ත ජනතාවගේ ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem