මත්ද්රව්ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ, ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට අදාළ නඩුව යළි ඔක්තෝබර් මස 2 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (8) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්රමසේකර මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී පොලිස් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරු පිළිබඳ තොරතුරු
මෙරට ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වන දෙහිවල කළුබෝවිල ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන ශිරාන් බාසික්, ජාත්යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙක්ද වේ.
පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම ජාවාරම්කරු, පසුගිය (14) වැනිදා දිවයිනට රැගෙන විත් තිබේ.
ශිරාන් බාසික් මෙරටට මත්ද්රව්ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකේ.
Comments
Moderated before publishing. Your email stays private.