හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) රාත්රියේ විදෙස් ගත වී ඇති බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
එළැඹෙන 24 වැනිදා මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් තිබියදී ඇය මෙලෙස විදෙස් ගත වී ඇති බව එම කොට්ඨාසය වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
රාජපක්ෂ පවුලේ ප්රතිචාරය
කෙසේ වෙතත් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් තිබියදී ඇය රටින් පිටව ගිය බවට පළවන මාධ්ය වාර්තා අසත්ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසයි.
මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවත්, ඇය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවත් අදාළ සාමාජිකයා සඳහන් කළේය.
ගුවන්තොටුපළේදී ලිපිය භාරදීම
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ශ්රී ලංකාවෙන් පිටත්ව යන අවස්ථාවේදී, කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ලිඛිත දැනුම්දීමක් භාරදී ඇති බව වාර්තා වේ.
ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදුන් බව රාජපක්ෂ පවුලේ සාමාජිකයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.
Comments
Moderated before publishing. Your email stays private.