Swipe left or right to navigate stories
ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට

ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (07) උදෑසන අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගැනීමට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද උදෑසන කිරුළපන පිහිටි නිවසේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ් අල්ලස් කොමිසම මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළවය.



FCIDයට කැඳවීම

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගොස් සිට සඳුදා (05) රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මියට, ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී තිබිණ.

සැප්තැම්බර් මස 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඇය, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ආපසු දිවයින බලා පැමිණ ඇති අතර ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ‘ගෝල්ඩ් රූට්’ පහසුකම භාවිතා කර ඇත.



අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීම

‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට එළඹෙන 13 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

මේ අතර මෙම විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සඳුදා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කරනු ලැබීය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem