Swipe left or right to navigate stories
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වසර 5ක ශ්‍රම සහයෝගිතා ගිවිසුම්වලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වසර 5ක ශ්‍රම සහයෝගිතා ගිවිසුම්වලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වසර 05ක කාලයක් සඳහා වලංගු වන පරිදි අදාළ ගිවිසුම් දෙකට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



ප්‍රධාන අරමුණු සහ අපේක්ෂිත ප්‍රතිඵල

මෙම ගිවිසුම්වල ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ගොඩනැගීමය.

ගිවිසුම් ක්‍රියාත්මක කිරීම හරහා දෙරටේ ශ්‍රම ක්ෂේත්‍රයට අදාළ නිසි බලධාරීන් අතර නිල සහයෝගිතාවක් ස්ථාපිත කෙරෙන අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයට යැවීම සහ බඳවා ගැනීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ව්‍යුහගත ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

තායිලන්තයේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමට මෙමගින් පියවර ගැනේ.

නීති විරෝධී ලෙස ශ්‍රමිකයන් යැවීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීමද මෙම ගිවිසුම්වල ප්‍රධාන අරමුණක් ලෙස ඇතුළත් වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem