Swipe left or right to navigate stories
ශ්‍රී ලංකාව පරදවමින් ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන ජය ගනිති

ශ්‍රී ලංකාව පරදවමින් ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන ජය ගනිති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව ඊයේ (13) සමත් විය.

අටවැනි වරටත් ඔවුන් ආසියාවේ ශූරියන් බවට පත් වූයේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක පහසු ජයක් වාර්තා කරමිනි.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමිවන සම්මාන ද්විත්වයම තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණි ශෙෆාලි වෙර්මා සමත් වූවාය.



ඉන්දීය කාන්තා පිලේ ඉනිම

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 183 ක් රැස්කිරීමට සමත් වූහ.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 129 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට ස්ම්‍රිති මන්දනා (58) සහ ශෙෆාලි වෙර්මා 68) සමත් වූහ.

මන්දනාගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින්ද, ශෙෆාලිගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින්ද සමන්විත විය.

එහිදී නායිකා චමරි අතපත්තු, මිතාලි අයෝධ්‍ය සහ චමුදි ප්‍රබෝදා කඩුල්ල බැගින් බිඳහෙළීඹට සමත් වූහ.



ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉනිම

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111 ක් පමණි.

එහිදී ශ්‍රී චරනි ලකුණු 20 කට කඩුලු 4 ක්ද, දීප්ති ශර්මා ලකුණු 19 කට කඩුලු 3 ක්ද බි‍ඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

චමරි අතපත්තු (36) සහ විෂ්මි ගුණරත්න (20) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද, ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.



ලකුණු සාරංශය

ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 183
(ස්මිත්‍රි මන්ධනා 59, ශෙෆාලි වෙර්මා 68, හර්මන්ප්‍රීත් කෞර් 14, රීචා ඝෝෂ් 17, ගුනාලන් කමලිනී නොදැවී 15) 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 111
(චමරි අතපත්තු 36, විෂ්මි ගුණරත්න 20, නිලක්ෂි ද සිල්වා 22, ශ්‍රී චරනි 20/4, දීප්ති ශර්මා 19/3)

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem