Swipe left or right to navigate stories
ශ්‍රී ලංකාව ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ 8 වැනි තැනට

ශ්‍රී ලංකාව ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ 8 වැනි තැනට

හොංකොං රාජ්‍යෙය්දී පැවැති 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වු ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ මලල ක්‍රීඩා කණ්ඩායම එහි අටවැනි ස්ථානයට පත්විය.

මෙවර තරගාවලියේදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

රන් පදක්කම් 14 ක් දිනාගනිමින් මෙවර තරගාවලිය ජයගැනීමට චීනය සමත් වෙද්දි, චීනය සමග කරට කර සටනකට නිරත වූ ඉන්දියාව, රන් පදක්කම් 10 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.



දිනාගත් පදක්කම්

🥇 රන් පදක්කම් (2)
ඩිලන්මා රන්සිනි – මීටර 200 (කාන්තා)
තරුෂි අභිෂේකා – මීටර 1500 (කාන්තා)

🥈 රිදී පදක්කම් (2)
නෙත්සර දිනෙත් – මීටර 800 (පිරිමි)
තරූෂ මෙන්ඩිස් – උස පැනීම (පිරිමි)

🥉 ලෝකඩ පදක්කම් (4)
තරුෂි අභිෂේකා – මීටර 800 (කාන්තා)
සදෙව් රාජකරුණා – මීටර 200 (පිරිමි)
මිහින්සා දෙව්මිණි – උස පැනීම (කාන්තා)
මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම – මීටර 4 × 400

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem