Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක මෙන්ම ප්‍රවීණ ගෝල් රකින්නා වන සුජාන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා රට වෙනුවෙන් අභිමානයෙන් හා කැපවීමෙන් ක්‍රීඩා කළ ඔහු, සිය විශ්‍රාම ගැනීමේ තීරණය නිල ලිපියක් මඟින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා වෙත දැනුම් දී ඇත.

සිය ක්‍රීඩා දිවිය පුරාවටම ලබා දුන් සහයෝගය සහ දිරිගැන්වීම වෙනුවෙන් සභාපතිවරයාට සහ සම්මේලනයට සිය හෘදයාංගම කෘතඥතාවද ඔහු එම ලිපිය මඟින් පළ කර තිබේ.



ලබන වසරේ මාර්තු මාසයේදී විශේෂ උපහාරයක්

ජාතික කණ්ඩායමේ නායකයා ලෙස සුජාන් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට ඉටු කළ අමිල සේවය ඇගයීමට ලක් කිරීම සඳහා විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන 2027 මාර්තු මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පාපන්දු තරගයක් අතරතුරදී මෙම උපහාර උත්සවය පැවැත්වෙන බව සම්මේලනයේ සභාපති කාර්යාලය නිවේදනය කරයි.

සුජාන් පෙරේරාගේ ඉදිරි විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා, ඔහු සතු දීර්ඝකාලීන අත්දැකීම් සහ දැනුම නව පරපුරේ ශ්‍රී ලාංකික ගෝල් රකින්නන් වෙත දායාද කිරීම සඳහා ගෝල් රකින්නන් පුහුණු කිරීමේ ක්ෂේත්‍රයට පිවිසෙන ලෙස ද විශේෂ යෝජනාවක් සිදු කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem