අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන අයි.සී.සී. කාන්තා නැඟී එන කණ්ඩායම් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මුහුණදුන් පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ඊයේ (12) සමත් වූහ.
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 8 ක් සහභාගි වී සිටින අතර ශ්‍රී ලංකාව එහිදී ස්කොට්ලන්තය, අයර්ලන්තය, පැපුවා නිව් ගිනියාව සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය සමගින් 'ඒ්' කාණ්ඩය යටතේ තරග වදියි.
නෙදර්ලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, තායිලන්තය සහ සිම්බාබ්වේ යන රටවල් 'බී' කාණ්ඩය යටතේ තරග වදින අතර මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.
අයර්ලන්ත ඉනිම
ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා සමරවික්‍රමගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවයට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි.
එහිදී අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලුසී ලිට්ල් පන්දු 36 කට මුහුණ දෙමින් හතරේ පහරක් සමග ලකුණු 28 ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරිණී ඇමී හන්ටර් පන්දු 16 කින් ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සත්‍යා සන්දීපනී සිය ඕවර 4 ලකුණු 09 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූ අතර කවීෂා දිල්හාරි ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තාය. ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් චේතනා විමුක්ති කඩුලු 2 කට හිමිකම් කීවාය.
ශ්‍රී ලංකා ඉනිම
ජයග්‍රහණය සඳහා ලකුණු 110 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 13 ක් අවසානයේ කිසිවකු නොදැවී පහසුවෙන්ම ඉලක්කය සපුරා ගත්තේය.
එහිදී අගනා පිතිහරඹයන්හි නිරත වූ ආරම්භක පිතිකාරිණියන් යුගලය වන විෂ්මි ගුණරත්න පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද, හසිනි පෙරේරා පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද රැස්කළහ.
පන්දු යවන්නියන් 6 දෙනෙකුගේ සේවය ලබාගත්තද අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අරම්භක කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව බිඳහෙළීමට නොහැකි විය.
ලකුණු පුවරුව
අයර්ලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 109
(ඇමී හන්ටර් 21, ලුසී ලිට්ල් 28, ලෝරා ඩෙලනි 15, සත්‍යා සන්දීපනී 09/3, කවීෂා දිල්හාරි 20/3, චේතනා විමුක්ති 26/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 13 කදී කිසිවකු නොදැවී 110
(විෂ්මි ගුණරත්න නොදැවී 53, හසිනි පෙරේරා නොදැවී 53)
Comments
Moderated before publishing. Your email stays private.