ජපානයේ නගෝයා නුවරදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් ඉසව්වේ රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ.
ඒ් අද (20) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමිනි. අවසන් මහ තරගයේදී ශ්රී ලංකාව, ඉන්දියාවට හෝ බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිතය.
පසුබිම
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 177 ක් ලබාගත් අතර එහිදී අයේෂා සෆාර් (71) සහ ශවාල් සුල්ෆිකර් (54) අර්ධ ශතක ලබාගත්හ.
ජයග්රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ක්රීඩිකාවෝ ඕවර 17.5 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත් වූහ.
ප්රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායකි චමරි අතපත්තු පන්දු 50 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියාය.
ලකුණු සාරාංශය
පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 177
(ශවාල් සුල්ෆිකර් 54, සයිරා ජබීන් 17, අයේෂා සෆාර් 71, ෆාතිමා සානා නොදැවී 20)
ශ්රී ලංකා කාන්තා පිල - ඕවර 17.5 කදී කඩුලු 2 කට 178
(ඉමේෂා දුලානි 27, චමරි අතපත්තු 83, හසිනි පෙරේරා 42, හර්ෂිතා සමරවික්රම නොදැවී 17)
Comments
Moderated before publishing. Your email stays private.