පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (4) දිවයිනෙන් පිටත්ව ගියේය.
පාකිස්ථානය, එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තුන්කොන් තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.
ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගාවලිය සඳහා සහභාගි වීම අවිනිශ්චිත අතර ඔහුගේ හිදැස පිරවීම සඳහා කළකට පසුව අවිෂ්ක ප්රනාන්දු සංචිතයට කැඳවා සිටියි.
ශ්රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්රනාන්දු, කමිල් මිෂාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්ද කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්රනාන්දු, දිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග
Comments
Moderated before publishing. Your email stays private.