Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වේ.



පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු සහ බලතල

යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම මෙන්ම දූෂණයෙන් හා අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බලතල හා කාර්යයන්ද මෙම පනත් කෙටුම්පත මඟින් නියම කිරීමට අපේක්ෂිතය.



කැබිනට් අනුමැතිය ලැබුණු ආකාරය

2026 ජුනි 8 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට මූලික අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.

අනතුරුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem