Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පුද්ගල අත්තිකාරම් ආදායම් බදු අය කිරීමට ගත් තීරණය බලරහිත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පුද්ගල අත්තිකාරම් ආදායම් බදු අය කිරීමට ගත් තීරණය බලරහිත කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සම් කිහිපයක අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.



පෙත්සම ගොනුකිරීම

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා, ලබාගන්නා ගෙවීම්වලින් පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද කපා හැරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, එවකට එක්දින නායක චරිත් අසලංක සහ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් කිහිපදෙනෙකු විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ ඒවාය.



අධිකරණයේ නිරීක්ෂණය

පෙත්සම් විභාගයේදී කරුණු සලකා බලමින් අධිකරණය නිරීක්ෂණය කළේ දේශීය ආදායම් පනතේ මෑතකදී සිදු කරන ලද සංශෝධන මගින් 'ස්වාධීන සේවා සපයන්නන්' සඳහා වෙනම වර්ගීකරණයක් හඳුන්වා දී ඇති බවයි.

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම ස්වාධීන සේවා සපයන්නන් වර්ගීකරණයට අයත් වන බැවින් ඔවුන් මෙම බද්දට යටත් නොවන බව අධිකරණය අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් ඉදිරියේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ගනු ලැබිය හැකි කිසිදු නීත්‍යනුකූල තීරණයකට බාධාවක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කළ බව ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem