පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ කටයුතු සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී තිබීම හේතුවෙන්, කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළහ.
අද (25) පස්වරුවේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ එක්ව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මහානායක හිමිවරුන්ගේ නිවේදනය
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිදුකරන මෙම විරෝධතා හමුවේ, ශාසනික විනය හා භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය සුරක්ෂිත කරගන්නා ලෙස ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමස්ත මහා සංඝ රත්නය වෙත ලිඛිත දැනුම්දීමක් කර තිබිණි.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරත හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධන හිමි යන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.