Swipe left or right to navigate stories
විදෙස්ගත වීමට අවසර ඉල්ලූ සජින් වාස්ගෙන් අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි

විදෙස්ගත වීමට අවසර ඉල්ලූ සජින් වාස්ගෙන් අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි

පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට ගැළපෙන නිසි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.



ලේඛන ඉදිරිපත් කිරීම

මෙම දූෂණ චෝදනාවලට අදාළව දැනට තමාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලමින් සජින් වාස් ගුණවර්ධන මහතා මෝසමක් මගින් කළ ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට පෞද්ගලික අවශ්‍යතාවක් මත විදේශගත වීමට අවශ්‍යව ඇති බැවින් පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසය.

කෙසේ වෙතත් එම ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය සහ ලේඛන පරීක්ෂා කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, එය මහාධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් බව පෙන්වා දුන්නේය.



මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය

වෙනත් අධිකරණයක ලේඛන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළ කරගත නොහැකි බැවින් මෙම අධිකරණ බල ප්‍රදේශයට ගැළපෙන පරිදි වෙනම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අදාළ ඉල්ලීම තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරයාට නියෝග කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem