මෙම වසරේ (2026) ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම අවධාරණය කරයි.
2026 වසරේ සිව්වන කාර්තුවට අදාළව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ විශේෂ උපදේශන සාකච්ඡාව අද (05) පැවති අතර එහිදී ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගමේ බලධාරීන් විසින් මෙම නිල ස්ථාවරය දැනුම් දෙනු ලැබීය.
තීරණයට හේතුව ජල විදුලි ධාරිතාව ඉහළ යාම
ප්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල දැනට පවතින සතුටුදායක ජල සංචිත මට්ටම් මෙන්ම, එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී අපේක්ෂිත සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
ජල විදුලි උත්පාදනය උපරිම මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම හේතුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර මත යැපීම අවම වන බැවින්, පාරිභෝගිකයන් මත අමතර ගාස්තු බරක් පැටවීමේ අවශ්‍යතාවක් නොමැති බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
Comments
Moderated before publishing. Your email stays private.