ජාත්යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්රමිතිවලට අනුකූලව ලබන වසර ඇතුළත ශ්රී ලංකාවට ඊ-පාලන ගමන් බලපත්ර හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ඊ-පාලන ගමන් බලපත්ර සඳහා අවශ්ය මහජන යතුරු යටිතල පහසුකම් ආරක්ෂණ පද්ධතිය ලබා ගැනීම සඳහා වන නව ටෙන්ඩර් කැඳවීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව අමාත්යවරයා පැවසීය.
මීට පෙර පැවති ටෙන්ඩර් ක්රියාවලියෙහි පැවති අඩුපාඩු කිහිපයක් හේතුවෙන් එය අහෝසි කිරීමට සිදුවූ බවද හෙතෙම සඳහන් කළේය.
නව E-Gates 12ක්
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ දැනටමත් ඉලෙක්ට්රොනික දොරටු 4 ක් සවි කර ඇති බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ඊ-පාලන ගමන් බලපත්ර හඳුන්වාදීමට සමානව මගී පරීක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ලබන වසර ඇතුළත තවත් ඉලෙක්ට්රොනික දොරටු 12 ක් සවිකිරීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
පිටු ගණන සීමාවීම
ගමන් බලපත්රවල පිටු ගණන අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්ය විජේපාල මහතා සඳහන් කළේ, මීට පෙර පැවති පිටු 64 වෙනුවට නව ගමන් බලපත්රයේ ඇත්තේ පිටු 48ක් පමණක් බවය.
කෙසේ වෙතත් මෙම පිටු ගණන සීමාවීම හේතුවෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බවත්, ශ්රී ලාංකික ගමන් බලපත්ර තවදුරටත් ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව පවතින බවත් අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.