Swipe left or right to navigate stories
ලග්ගල නව නගර පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

ලග්ගල නව නගර පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම හේතුවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් ස්ථාපිත කරන ලද මාතලේ ලග්ගල නව නගර පානීය ජල ව්‍යාපෘතිය අද (12) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

රුපියල් මිලියන 5,000ක පිරිවැයක් දරමින් ඉදිකිරීම් අවසන් කරන ලද මෙම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 6,800කට පමණ පිරිසිදු පානීය ජල පහසුකම් සැලසේ.



පානීය ජල අර්බුදයට විසඳුමක්

2014 වසරේදී මොරගහකන්ද - කළු ගඟ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග අදාළ ප්‍රදේශවල පදිංචිව සිටි ජනතාව ලග්ගල නව නගරයේ පදිංචි කිරීමට පියවර ගැනුණි.

කෙසේ වෙතත් එම නගරයට අවශ්‍ය පානීය ජල පහසුකම් සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වසර 10කට ආසන්න කාලයක් අදාළ ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දුන් අතර ඔවුන්ට අවශ්‍ය ජලය ලබා දීමට සිදුවූයේ බවුසර් රථ යොදා ගනිමිනි.

මෙම ගැටලුවට විසඳුම් ලෙස 2016 වසරේදී ජල ව්‍යාපෘතියක් ආරම්භ කළද, රට තුළ පැවැති ආර්ථික හා සමාජීය වාතාවරණය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි විය.



කඩිනම් කළ ඉදිකිරීම්

ප්‍රදේශවාසීන් මුහුණ දුන් දීර්ඝකාලීන පීඩාව සැලකිල්ලට ගනිමින් වත්මන් රජය රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන යොදවමින් අදාළ ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව සාර්ථකව නිමකරන ලද මෙම ව්‍යාපෘතිය ලග්ගල, කරදමුල්ල ප්‍රදේශයෙන් ආරම්භ කර ඇති අතර එමගින් දිනකට ඝන මීටර් 4,000ක ජල ධාරිතාවක් නිකුත් කිරීමේ හැකියාව පවතී.

මේ සමගම ලග්ගල නව නගරය ඇතුළු අවට ප්‍රදේශවල පවුල් දහස් ගණනකගේ පානීය ජල අර්බුදයට ස්ථිර විසඳුමක් හිමිවේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem