Swipe left or right to navigate stories
ලංකාවේ සිසුන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබීම තවත් අසීරු වෙයි

ලංකාවේ සිසුන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබීම තවත් අසීරු වෙයි

ලංකාවේ සිසුන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල වරම් ලැබීම තවත් අසීරු වෙයි

විදේශීය සිසුන් බඳවා ගන්නා විශ්වවිද්‍යාල සඳහා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වඩාත් දැඩි සංක්‍රමණ නීති පැනවීමට තීරණය කිරීමත් සමග, ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතු සඳහා යොමුවීම ඉදිරියේදී වඩාත් දුෂ්කර වනු ඇත.

මෙම පුළුල් සංශෝධන යටතේ දේශසීමා නීති බලාත්මක කිරීමේ වගකීම සහ බර සෘජුවම උසස් අධ්‍යාපන ආයතන වෙත පවරා තිබේ.

රැකියා, අධ්‍යාපන සහ සංචාරක වීසා බලපත්‍ර හරහා පැමිණ ඉදිරිපත් කරන දේශපාලන සරණාගත ඉල්ලීම්වල ඉහළ යාම පාලනය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේක්ෂාව වී ඇත. අතීතයේ සිටම මෙවැනි සරණාගත ඉල්ලීම්වලින් වැඩිම පංගුවකට වගකියනු ලැබ ඇත්තේ විදේශීය සිසුන් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.



පසුබිම

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ පෙර පැවති රාජ්‍ය සමයේදී රැකියා, අධ්‍යාපන සහ සංචාරක වීසා මගින් පැමිණි පුද්ගලයන් කළ සරණාගත ඉල්ලීම් ප්‍රමාණය තෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය.

එය සමස්ත සරණාගත ඉල්ලීම්වලින් 37% ක් තරම් ඉහළ අගයකි. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ එක්ව ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය වසර තුළ පමණක් සිසුන්ගේ සරණාගත ඉල්ලීම් ප්‍රමාණය 30% කින් පහත වැටී තිබේ.

නව සංශෝධන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම් සඳහා පනවා තිබූ අවසර ලත් සීමාව බෙහෙවින් පහත දමා ඇත.

මින් පෙර විශ්වවිද්‍යාලයකට අයදුම් කරන සිසුන්ගේ වීසා ප්‍රතික්ෂේප වීමේ අනුපාතය 10% ට වඩා අඩුවෙන් පවතින්නේ නම් එම ආයතනයට ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමේ බලපත්‍රය පවත්වාගෙන යාමට අවස්ථාව තිබුණි. නමුත් දැන් එම සීමාව අඩකින් එනම් 5% ක් දක්වා අඩු කර තිබේ.

මීට අමතරව බඳවා ගන්නා විදේශීය සිසුන් විශාල පිරිසක් පාඨමාලා අතරමඟ දමා යන්නේ නම් හෝ අධ්‍යයන කටයුතු සාර්ථකව නිම නොකරන්නේ නම් එම විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමේ අයිතිය අහිමි වනු ඇත.

නව අවශ්‍යතාවලට අනුව විදේශීය සිසුන්ගේ පාඨමාලා ලියාපදිංචි වීමේ අනුපාතය අවම වශයෙන් 95% ක් සහ පාඨමාලා සම්පූර්ණ කිරීමේ අනුපාතය අවම වශයෙන් 90% ක් විය යුතුය.

"සිසුන් ඉහළ ප්‍රතිශතයකින් පාඨමාලා අතරමඟ දමා යාමෙන් හැඟවෙන්නේ ඔවුන් අධ්‍යාපනය ලැබීම වෙනුවට නීතිවිරෝධී රැකියා වෙළඳපොළට ඇතුළු වී ඇති බවයි. එමෙන්ම වීසා ප්‍රතික්ෂේප වීමේ අනුපාතය ඉහළ මට්ටමක පැවතීම හෝ සිසුන් ලියාපදිංචි වීමේ සංඛ්‍යාව අවම වීම මඟින් පෙන්නුම් කරන්නේ අදාළ අධ්‍යාපන ආයතන අයදුම්කරුවන් පිළිබඳව ප්‍රමාණවත් සොයා බැලීමක් සිදුකර නොමැති බවයි." යනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem