ලංකා ප්රිමියර් ලීග් විස්සයි-20 ක්රිකට් තරගාවලියේ හයවැනි අදියර ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වෙන වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
අවසන් වරට පැවැති (2024) එල්.පී.එල්. තරගාවලියේ ශූරයන් වූ යාපනය කණ්ඩායම සහ අනු ශූරයන් වූ ගාල්ල කණ්ඩායම මෙවර තරගාවලියේ (2026) සමාරම්භක තරගයේදී එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඉන්දියාව සමග එක්ව සම සත්කාරකත්වය ලබාදුන් 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් කටයුතුවලට ප්රමුඛතාවය දීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය 2025 වසරේදී මෙම තරගාවලිය නොපැවැත්වීමට තීරණය කළ බැවින් වසරක විරාමයකින් පසුව තරගාවලිය නැවත ආරම්භ වේ.
තරග ආකෘතිය
මෙවර තරගාවලියද පසුගිය එල්.පී.එල්. තරගාවලීන් පැවැත්වූ ආකෘතියටම අනුව ක්රියාත්මක වේ. ඒ අනුව කණ්ඩායම් පහක් මූලික වටයේදී එකිනෙකාට එරෙහිව දෙවරක් බැගින් තරග වදින අතර මූලික වටය අවසානයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත.
තරගාවලියේ පළමු තරග පහ කොළඹ සිංහල ක්රීඩා සමාජ ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරග 9 ක් රංගිරි දඹුල්ල ක්රීඩාංගණයේදීත්, තරග 6 ක් මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගයද ඇතුළුව අවසන් වටයේ තරග 4 ක් කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාගංණයේදී පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.
සංචිත
ක්රීඩකයන් වෙන්දේසි කිරීමේ ක්රමවේදය වෙනුවට තරගාවලියට පෙර ක්රීඩක කෙටුම්පත් කිරීමේ ක්රමවේදයක් මෙවර තරගාවලියට හඳුන්වා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර ඇත. එය ජූනි මස 1 වැනිදා සිදු කිරීමට නියමිතය.
ඒ් හේතුවෙන් කණ්ඩායම්වලට සිය 2024 වසරේදී සිය සංචිතවල සිටි ක්රීඩකයන් රඳවා ගැනීමට අවස්ථාව හිමි නොවන අතර සියලුම කණ්ඩායම්වලට නව මුහුණුවරකින් යුතුව සංචිත තේරීමට සිදුවේ.
සෑම සංචිතයකටම අවම වශයෙන් ක්රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් විය යුතු අතර අතිරේක ක්රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමටද අවස්ථාව තිබේ. කෙසේ වෙතත් එම අතිරේක ක්රීඩකයන් දෙදෙනා දේශීය ක්රීඩකයන්ම විය යුතු අතර ඒ අනුව උපරිම ක්රීඩකයන් සංඛ්යාව 20 ක් වනු ඇත.
ක්රීඩකයන් ඇතුළත් කර ගැනීම
සංචිතවලට ක්රීඩකයන් ඇතුළත් කර ගැනීමේදී ක්රීඩක කෙටුම්පත් කිරීමට පෙරාතුව දේශීය ක්රීඩකයන් දෙදෙනකු සහ විදෙස් ක්රීඩකයන් දෙදෙනකු ඍජුවම ගිවිසුම්ගත කර ගැනීමේ අවස්ථාව සෑම කණ්ඩායමකටම ලබා දී තිබේ.
ඒ් අනුව කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් කලම්බු කැප්ස් කණ්ඩායමටත්, ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග කැන්ඩි ෆැන්කන්ස් කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමටත්, දසුන් ශානක සහ ඒ්ෂාන් මාලිංග ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටත් එක් වීමට නියමිතය.
වයස අවුරුදු 23 න් පහළ දේශීය ක්රීඩකයන් දෙදෙනෙකු සෑම සංචිතයකටම ඇතුළත් කිරීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය අනිවාර්ය කර ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ කණ්ඩායමේ පළමු ක්රීඩකයන් 11 දෙනා අතරටද ඇතුළත් විය යුතුය.
Comments
Moderated before publishing. Your email stays private.