Swipe left or right to navigate stories
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියත් ජයගනී

රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියත් ජයගනී

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී පැවැති සමාරම්භක ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (13) සමත් විය.

මෙම ජයග්‍රහණය ස‍ඳහා රුමේෂ්ට ඇමරිකානු ඩොලර් 150,000 ක මුදල් ත්‍යාගයක් හිමි වූ අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හාරකෝටි අනූ දෙලක්ෂය ඉක්මවීය.



ජයග්‍රාහී ගමන් මග

පළමු උත්සාහය (මීටර් 75.89) අවසානයේ පස්වැනි ස්ථානයේත්, දෙවැනි උත්සාහය (මීටර් 85.69) අවසන් වන විට තෙවැනි ස්ථානයේත් පසුවූ රුමේෂ්, ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ තෙවැනි උත්සාහයයේදී මීටර් 87.11 ක දක්ෂතාවක් දක්වමිනි.

ඉන් නොනැවතුණු රුමේෂ්, සිය අවසන් උත්සාහයේදි මීටර් 91.09 ක දක්ෂතාවක් දක්වමින් අල්ටිමේට් කිරුළ හිමිකර ගැනීමට සමත් වූ අතර එය මෙම වසර (2026) තුළ ඔහු මීටර් 90 සීමාව ඉක්මවා ගිය තෙවැනි අවස්ථාව ලෙසද සටහන් විය.



සෙසු ජයග්‍රාහකයෝ

වත්මන් ලෝක ශූරයා සහ ඔලිම්පික් ශූරයාද ඇතුළුව ලොව හොඳම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගි වූ මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 86.18 ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ටද, තෙවැනි ස්ථානය මීටර් මීටර් 85.89 ක දක්ෂතාවක් දැක්වූ ජර්මනියේ ජූලියන් වෙබර්ටද හිමිවිය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem