බෙල්ජියමේ බ්රස්ල්ස් නුරවදී පැවැති ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ (5) සමත් විය.
පළමු උත්සාහයන් දෙක අවසානයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ රුමේෂ්, තෙවැනි උත්සාහයේදී මීටර් 89.04 ක දුරක් හෙල්ල විසිකරමින් ලකුණු සටහනේ පෙරමුණ ගත්තේය.
අවසන් තරගයේ දෙවැනි ස්ථානට පෝලන්තයේ ඩේවිඩ් වැග්නර්ටත් (මීටර් 87.47), තෙවැනි ස්ථානය ට්රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෝගෝහි කෙෂ්රන් වොල්කොට්ටත් (83.99) හිමි විය.
අවසන් තරගයේ සෙසු ස්ථාන
4 වැනි ස්ථානය: ඇන්ඩසන් පීටර්ස් (ග්රෙනඩාව) - මීටර් 83.70
5 වැනි ස්ථානය: ජූලියස් යේගෝ (කෙන්යාව) - මීටර් 76.79
6 වැනි ස්ථානය: තිමෝති හර්මන් (බෙල්ජියම) - මීටර් 71.79
7 වැනි ස්ථානය: කර්ටිස් තොම්සන් (ඇමරිකාව) - මීටර් 69.52
2026 ඩයමන්ඩ් ලීගය
මෙවර (2026) ඩයමන්ඩ් ලීග් තරග මාලාව හෙල්ල විසිකිරීමේ ඉසව්ව මූලික තරග වට 5 කින් සමන්විත වූ අතර ඉන් 4 කම ජය තමන් සතුකර ගැනීමට රුමේෂ් සමත් විය.
ඒ අනුව ඔහු ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ හෙල්ල විසිකිරීමේ අවසන් මහ තරගයට පිවිසියේ ලකුණු 39 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ පළමු වැනියා ලෙසිනි.
අද පැවැති ඩයමන්ඩ් ලීග් තරග මාලාවේ හෙල්ල විසිකිරීමේ අවසන් මහ තරගය ගැනීමට සමත් වීමත් සමග ඔහු එදා මෙදා තුර ශ්රී ලාංකේය මලල ක්රීඩා ඉතිහාසයේ එවන් දස්කමක් දැක්වූ පළමු ක්රීඩකයා බවට පත් විය.
පැමිණි ගමන් මඟ
මැයි 31 - රබාත් ඩයමන්ඩ් ලීගය (මොරොක්කෝව) - මීටර් 85.97 - දෙවැනි ස්ථානය
ජූනි 4 - රෝම ඩයමන්ඩ් ලීගය (ඉතාලිය) - මීටර් 92.62 - පළමු ස්ථානය
ජූනි 19 - දෝහා ඩයමන්ඩ් ලීගය (කටාර්) - මීටර් 88.68 - පළමු ස්ථානය
අගෝස්තු 21 - ලෝසෑන් ඩයමන්ඩ් ලීගය (ස්විට්සර්ලන්තය) - මීටර් 88.14 - පළමු ස්ථානය
අගෝස්තු 27 - සුරිච් ඩයමන්ඩ් ලීගය (ස්විට්සර්ලන්තය) - මීටර් 92.07 - පළමු ස්ථානය
සැප්තැම්බර් 5 - ඩයමන්ඩ් ලීග අවසන් මහ තරගය (බෙල්ජියම) - මීටර් 89.04 - පළමු ස්ථානය
Comments
Moderated before publishing. Your email stays private.