රුපියල් මිලියන 51.37කට අධික වටිනාකමකින් යුත් කුෂ් කැනබිස් සහ හෂිෂ් මත්ද්රව්ය කිලෝග්රෑම් 5.137 ක (ග්රෑම් 5,137) තොගයක් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී ශ්රී ලංකා රේගු මත්ද්රව්ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්ය ඒකකය සඳහන් කරයි.
ඊයේ (7) ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිදු කළ විශේෂ පරීක්ෂාවකදී තායි එයාර්වේස් ගුවන් සේවයට අයත් TG 307 දරන ගුවන් යානයෙන් පැමිණි තායි ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය තොගය සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන හා අධිකරණ කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය සහ සැකකරුවන්ගේ තොරතුරු
වයස අවුරුදු 39 ක් වන සැකකරු සන්තකයේ තිබී ප්ලාස්ටික් බෝතල් අටක සඟවා තිබූ කුෂ් කැනබිස් ග්රෑම් 2,224 ක් සොයාගෙන ඇති අතර එහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 22.24 කි.
අවුරුදු 23 ක් වන අනෙක් සැකකරු සන්තකයේ තිබී කුෂ් කැනබිස් ග්රෑම් 2,272 ක් සහ හෂිෂ් ග්රෑම් 641 ක් සොයාගෙන ඇති අතර ඒවායේ සමස්ත ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 29.13 ක් පමණ වේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්රව්ය ප්රමාණයට කුෂ් කැනබිස් ග්රෑම් 4,496 ක් සහ හෂිෂ් ග්රෑම් 641 ක් ඇතුළත් වේ.
Comments
Moderated before publishing. Your email stays private.