Swipe left or right to navigate stories
රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද පස්වරුවේ සිට නැවත ආරම්භ කෙරේ

රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ධාවනය අද පස්වරුවේ සිට නැවත ආරම්භ කෙරේ

දුම්රිය මාර්ගයට පස් හා ගල් පෙරළීම හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද (05) පස්වරුවේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම කඩිගමුව හා ඉහළ කෝට්ටේ යන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට පස් කන්දක් හා ගල් කඩාවැටීමෙන් එම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබුණි.



ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට

මෙම අනතුර හේතුවෙන් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණු අතර ඇණහිට තිබූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



පස්වරුවේ දුම්රිය ගමනාගමනය

ඒ අනුව අද පස්වරු 04.35 ට කොළඹ කොටුවේ සිට ගම්පොළ බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 05.15 ට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය බලා ධාවනය වන දුම්රිය නියමිත වේලාවට ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem