යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්රිත මරණ 1,000කට අධික සංඛ්යාවක් වාර්තා වී ඇති බව එරට සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කරයි.
එරට නිල වාර්තාවලට අනුව අධික උෂ්ණත්වය නිසා ඇති වූ සෞඛ්ය සංකූලතා හේතුවෙන් ජුනි මාසය තුළ පමණක් පුද්ගලයින් 1,028 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය මීට පෙර 2017 වසරේ ජුනි මාසයේදී වාර්තා වූ මරණ 1,000ක සීමාවද අභිබවා යාමකි.
ඉතිහාසයේ දෙවැනි උණුසුම්ම ජුනි මාසය
ස්පාඤ්ඤ කාලගුණ විද්යා ඒජන්සිය පෙන්වා දෙන්නේ, 1961 වසරේ සිට එරට කාලගුණ දත්ත වාර්තා කිරීම ආරම්භ කළ පසු ස්පාඤ්ඤය මුහුණ දුන් දෙවන උණුසුම්ම ජුනි මාසය මෙය වන බවය.
සෞඛ්ය අමාත්යාංශ දත්තවලට අනුව මෙම මරණ සංඛ්යාවන් වාර්තා වී ඇති අතර පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වයස්ගත පුද්ගලයින් දැඩි අවදානමක
මෙවර උණුසුම් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගෙන් අතිබහුතරය වයස්ගත පුද්ගලයන් වීම විශේෂත්වයකි. මියගිය පිරිසෙහි වයස් කාණ්ඩ අනුව දත්ත මෙසේය.
- වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්: 1,022ක්
- වයස අවුරුදු 85 හෝ ඊට වැඩි පුද්ගලයින්: 720ක් (ජ්යෙෂ්ඨ පුරවැසියන්)
- වයස අවුරුදු 15ට අඩු දරුවන්: 1ක්
Comments
Moderated before publishing. Your email stays private.