Swipe left or right to navigate stories
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,000 ඉක්මවයි : මරණ 45යි

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,000 ඉක්මවයි : මරණ 45යි

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දිනෙන් දින වේගවත් වෙමින් පවතින අතර මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,034ක් දක්වා ඉහළ ගොස් ඇත. ඩෙංගු නිරීක්ෂණ පද්ධති දත්ත වලට අනුව මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 45කි.

ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී රෝග ව්‍යාප්තිය තවදුරටත් උග්‍ර විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පිරිසිදුව තබා ගැනීමට දායක වන ලෙස මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.



සංඛ්‍යා දත්ත

  • සමස්ත රෝගීන්: 65,034 යි
  • සිදුව ඇති මරණ: 45 යි
  • මරණ ප්‍රතිශතය: 0.07% යි
  • අධි අවදානම් සෞඛ්‍ය කලාප : 175 යි



රෝග ව්‍යාප්තියේ පසුබිම

වසරේ මුල් මාසවලට සාපේක්ෂව මැයි මාසයේ සිට රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම පසුගිය ජූනි මාසය තුළ රෝගීන් 21,539ක් වාර්තා වෙමින් වසරේ උපරිම ව්‍යාප්තිය සටහන් කර තිබේ. ඒහිදී ජූලි මාසයේ පළමු සතිය තුළ පමණක් රෝගීන් 9,654ක් හඳුනාගෙන ඇත.

සමස්ත රෝගීන්ගෙන් 52.69%ක්ම එනම් රෝගීන් 34,268ක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ. දෙවැනි ස්ථානයට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දකුණු පළාතට වන අතර ඒ් 15.70% කි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ (13,322) සහ කොළඹ (13,150) දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර අවම රෝගීන් සංඛ්‍යාවක් මුලතිව් (39), කිලිනොච්චි (61) සහ මන්නාරම (67) දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem