Swipe left or right to navigate stories
මෙනින්ජයටිස් පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

මෙනින්ජයටිස් පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ‘එන්ටරෝවයිරස් මෙනින්ජයටිස්’ රෝගය ව්‍යාප්ත වීම පිළිබඳව පවතින අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත නිකුත් කර ඇති මෙම මාර්ගෝපදේශ මඟින් රෝග ලක්ෂණ, සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ක්‍රම, ප්‍රතිකාර සහ රසායනාගාර පරීක්ෂණ, මහජන සෞඛ්‍ය පුරුදු, පාසල් පාදක කරගත් පූර්ව ආරක්ෂිත පියවර සායනික කළමනාකරණය සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර පිළිබඳ තොරතුරු ආවරණය කෙරේ.

මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විසින් සකස් කර ඇත.



රෝග ලක්ෂණ

ප්‍රධාන වශයෙන් අපිරිසිදු ආහාර සහ ජලය පරිභෝජනය කිරීමෙන් ශරීරයට ඇතුළු වන මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස තද උණ, හිසරදය සහ වමනය වසංගත රෝග විද්‍යා අංශය විසින් හඳුනාගෙන ඇත.

බහුතරයක් අවස්ථාවන්හිදී, රෝගය වැළඳෙන පුද්ගලයින් දින හතක් ඇතුළත සුවය ලබන නමුත්, මෙය වේගයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමේ වැදගත්කම වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර තිබේ.

ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් යවන විට පිටවන ශ්වසන බිඳිති මඟින් මෙන්ම සමීප සබඳතා පැවැත්වීමෙන්ද මෙම වෛරසය තවත් පුද්ගලයෙකුට බෝ විය හැක. සාමාන්‍යයෙන්, වෛරසයට නිරාවරණය වී දින 3 ත් 7 ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතු වේ.



නිර්දේශිත ආරක්ෂිත පියවර

රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සබන් යොදා නිතිපතා දෑත් සේදීමටත්, පිරිසිදු ආහාර සහ ආරක්ෂිත පානීය ජලය පරිභෝජනය කිරීමටත් විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම කහින විට හෝ කිවිසුම් යවන විට ලේන්සුවකින් මුඛය සහ නාසය වසා ගන්නා ලෙසත්, රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

නිවාස සහ පොදු ගොඩනැඟිලි තුළ නිසි වාතාශ්‍රයක් පවත්වා ගැනීමද වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට උපකාරී වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem