Swipe left or right to navigate stories
මුවායිතායි ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 4 ක්

මුවායිතායි ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 4 ක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැති මුවායිතායි ලෝක ශූරතාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගැනීමට ආසික් නසීර් සමත් වූ අතර එය ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනාගත් පළමු රන් පදක්කම ලෙස ඉතිහාසයට එක් විය.

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ තරග වැදුණු ආෂික්, අවසන් මහ තරගයේදී ඇමරිකානු ක්‍රීඩකයකු පරාජය කරමින් මෙම රන් පදක්කම හිමිකර ගත්තේය.

මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර, ඉන් ක්‍රීඩකයින් සිව්දෙනෙකුම මෙරටට පදක්කම් රැගෙන ඒමට සමත් වූහ.

කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ශයාන් ඉඳුවර සහ විමුක්ති අබේවර්ධන මෙම තරගාවලි‍යේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල ශක්තියක් බවට පත් වූහ.

ආෂික්ගේ මෙම රන් පදක්කම මෙරට මුවායිතායි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂීම සහ දැවැන්තම ජයග්‍රහණයක් මෙන්ම කැපී පෙනෙන හැරවුම් ලක්ෂ්‍යයක්ද වන බව ශ්‍රී ලංකා මුවායිතායි සංගමයේ සභාපති රොෂාන් දුමින්ද මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණ ජාත්‍යන්තරය තුළ අපේ මුවායිතායි ක්‍රීඩාවේ නව පිම්මක් සනිටුහන් කරන බවත්, මෙය මීළඟ පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට මහෝපකාරී වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම්

  • ආෂික් නසීර්

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ කිලෝග්‍රෑම් 57 බර පංතියේ රන් පදක්කම

  • මෙතුක

අවුරුදු 10-11 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 44 බර පංතියේ රිදී පදක්කම

  • ගෙවින්

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ කිලෝග්‍රෑම් 71 බර පංතියේ ලෝකඩ පදක්කම

  • කුලු‍ණු කන්නංගර

වයස අවුරුදු 14-15 කිලෝග්‍රෑම් 40 බර පංතියේ ලෝකඩ පදක්කම

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem