Swipe left or right to navigate stories
මැයි දින සැමරුම් හේතුවෙන් කොළඹ විශේෂ මාර්ග සැලැස්මක්

මැයි දින සැමරුම් හේතුවෙන් කොළඹ විශේෂ මාර්ග සැලැස්මක්

හෙට දිනට (1 වැනිදා) යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව කොළඹ ප්‍රදේශය තුළ විවිධ දේශපාලන, සමාජ හා වෘත්තීය සංවිධාන විසින් මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කරනු ලබන බැවින් මහජනතාවගේ පහසුව උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව කොළඹ නගරයට පිවිසෙන සහ පිටවන සියලුම වාහන සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර එහිදී රථ වාහන සැලසුම් හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාවගේ විශේෂ අවධානය යොමු කළ යුතු බව පොලිසිය දැනුම් දෙයි.

විශේෂයෙන්ම මැයි දින පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඇතැම් මාර්ගවල වාහන ධාවනය සීමා කෙරෙන අතර විකල්ප මාර්ග භාවිතා කිරීම සඳහා මහජනතාවට උපදෙස් ලබා දෙනු ඇත.



ජනතා විමුක්ති පෙරමුණ

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැස්වීම මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ඇති පොදු රථ ගාලේදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • දෙල්කද හංදියෙන් ආරම්භ වී, නාවින්න හංදිය පසුකර මහරගම තරැණ සේවා සභාව අසලට පැමිණේ

මෙම රැස්වීම හේතුවෙන් මහරගම පොලිස් වසම අවට මාර්ගවල යම් අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් පහත සඳහන් මාර්ගවල වාහන ධාවනය සීමා කර ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



කොළඹින් පිටවන වාහන

  • කොළඹ දෙස සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙන රථවාහන ‍දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී, රත්නපිටිය හන්දියෙන් වමට හැරී, බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරී, මහරගම ඔරලෝසු කණුව අසලින් දකුණට හැරී හෝමාගම දෙසට ගමන් කළ හැකිය.

  • දෙල්කඳ හන්දිය, ගම්සභා හන්දියෙන් දකුණට හැරී, පැපිලියාන හන්දියට ගමන් කර වමට හැරී බොරලැස්ගමුව හන්දියට ගොස් හෝමාගම දෙසට ගමන් කළ හැකිය.

  • කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර වමට හැරී, බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර වමට හැරී, මහරගම ඔරලෝසු කණුව අසලින් දකුණට හැරී හෝමාගම දෙසට ගමන් කළ හැකිය.

කොළඹට ඇතුළුවන වාහන

  • හෝමාගම දෙස සිට පැමිණෙන සියලුම රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හරි බොරලැස්ගමුව හන්දිය වෙත ගමන් කර වමට හැරී කොහුවල හරහා කොළඹ දෙසට ගමන් කළ හැකිය. (120 මාර්ගය)

  • හෝමාගම දෙස සිට කොළඹ දෙසට ගමන් කරන සියලුම බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර තලවතුගොඩ, කිඹුලාවල, ජපන් මිත්‍රත්ව පාලම, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ රාජගිරිය හරහා කොළඹට ඇතුළුවිය හැකිය.

  • රථවාහන තදබදය අධික වුවහොත් හංවැල්ල පොලිස් වසමේ පනාගොඩ හංදියෙන් කොළඹ හයිලෙවල් පාරට ඇතුළු කිරීමට හැකියාවක් නොමැති අතර එම රථ වාහන ලෝලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙට ගමන් කළ හැකිය.



සමඟි ජන බලවේගය

සමඟි ජන බලවේගයේ මැයි දින රැස්වීම මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

බස් රථ ගාල් කිරීම

  • ජයන්ත වීරසේකර මාවත
  • පංචිකාවත්ත පාර
  • ඔරාබිපාෂා මාවත
  • සංසාරාජ මාවත
  • සුමනතිස්ස මාවත සහ ජෝර්ජ් ආර් ද සිල්වා මාවත
  • බ්ලූමැන්ඩල් පාර
  • සිරිමාවෝ බණ්ඩාරනායක මාවත
  • ඇප්රොච් පාර
  • අඩි 100 පාර
  • බේස්ලයින් පාර බණ්ඩාරනායක හන්දියේ සිට ධර්මාරාම පාර හන්දිය දක්වා
  • සද්ධර්ම මාවත
  • අළුත් මාවත
  • මැටි පාර්ක්

සැහැල්ලු වාහන ගාල් කිරීම

  • මීල්ටන් පෙරේරා මාවත



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනු ඇත.

බස් රථ ගාල් කිරීම

  • බේස්ලයින් පාර දෙමටගොඩ හන්දියේ සිට බන්ධනාගාර හන්දිය දක්වා
  • ජේ.ඩී. ප්‍රනාන්දු මාවත
  • සිරිධම්ම මාවත
  • මරදාන පාර
  • වෝඩ් පෙදෙස

සැහැල්ලු වාහන ගාල් කිරීම

  • ලේස්ලි රණගල මාවත
  • කැම්බල් පිටිය අසල



පෙරටුගාමී සමාජවාදී පක්ෂය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදි දින රැස්වීම කොම්පඤ්ඤවීදිය හයිඩ්පාක් පිටියේදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • හයිඩ් පාක් පිටියෙන් ගමන් ආරම්භ කර මරදාන පාර, ඩීන්ස් පාර, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, යුනියන් පෙදෙස, ඉබ්බන්වල හන්දිය ඔස්සේ හයිඩ් පාක් පිටිය දක්වා

බස් රථ ගාල් කිරීම

  • වොක්ෂෝල් වීදිය
  • යුනියන් පෙදෙස



ලංකා බැංකු සේවක සංගමය සහ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය

ලංකා බැංකු සේවක සංගමයේ සහ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ ඒකාබද්ධ මැයි දින රැස්වීම ‍වෙල්ලවීදිය ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • කොටුව ලේක් හවුස් ඉදිරිපිටින් ගමන් ආරම්භ කර ඕල්කට් මාවත, ගුණසිංහපුර හංදිය, සෝන්ඩර්ස් පෙදෙස ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණය දක්වා

බස් රථ ගාල් කිරීම

  • මධ්‍යම පාර
  • බෝධිරාජ මාවත
  • අඩි 100 පාර



ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ සමාජවාදී ජනතා පෙරමුණ

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ සමාජවාදී ජනතා පෙරමුණේ ඒකාබද්ධ මැයි දින රැස්වීම බොරැල්ල, කොටා පාරේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • ආයුර්වේද හන්දියේ සිට කාසල් වීදිය, මොඩ්ල්ෆාම් හන්දිය, ඩී.එස්. හන්දිය, බොරැල්ල හන්දිය, කොටා පාර (එන්.එම් පෙරේරා මාවත) ඔස්සේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය දක්වා

බස් රථ ගාල් කිරීම

  • කොටා පාර, දුම්රිය හරස් පාර සිට ආයුර්වේද හන්දිය දක්වා

සැහැල්ලු වාහන ගාල් කිරීම

  • කොටා පාර, දුම්රිය හරස් පාර දක්වා



සර්වජන බලය පක්ෂය

සර්වජන බලය පක්ෂයේ මැයි දින රැස්වීම බොරැල්ල පාර්ක් ඇවනිව්හිදී පැවැත්වේ.

බස් රථ ගාල් කිරීම

  • කිංසි පෙදෙස (නන්දදාස කෝදාගොඩ මාවත)

සැහැල්ලු වාහන ගාල් කිරීම

  • පාර්ක් ඇවනිව්



ශ්‍රී ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය

ශ්‍රී ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ මැයි දින රැස්වීම බාලාතම්පෝ පටුමග පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • බාලාතම්පෝ පටුමග පිහිටි සංගම් මූලස්ථානයේ සිට ගාලු මුවදොර වටරවුම වෙත පැමිණ ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය වෙත ගමන් කර නැවත ගාලු පාර ඔස්සේ සංගම් මූලස්ථානය වෙත

බස් රථ ගාල් කිරීම

  • වෙරළ පාර, කොල්ලුපිටිය දුම්රියපොළ පාර හන්දිය සිට බම්බලපිටිය දෙසට



පොදුජන පෙරමුණ සහ ටී.බී. ඉලංගරත්න සහෘද සංසදය

පොදුජන පෙරමුණේ සහ ටී.බී. ඉලංගරත්න සහෘද සංසදයේ ඒකාබද්ධ මැයි දින රැස්වීම රොටුන්ඩා වට රවුම අසල පිහිටි ටී.බී. ඉලංගරත්න පිළිරුව අභියසදී පැවැත්වෙනු ඇත.

බස් රථ ගාල් කිරීම

  • පෙරහර මාවත, රොටුන්ඩා හන්දිය සිට අල්විස් පෙදෙස හන්දිය දක්වා

සැහැල්ලු වාහන ගාල් කිරීම

  • පෙරහැර මාවත, රොටුන්ඩා හන්දිය අසල රථ ගාල



ගුරු විදුහල්පති ජාතික බලවේගය

ගුරු විදුහල්පති ජාතික බලවේගයේ මැයි දින රැස්වීම කොටා පාර එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.

සැහැල්ලු වාහන ගාල් කිරීම

  • කොටා පාර එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය ඉදිරිපිට



ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වය

ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින රැස්වීම කොල්ලුපිටිය, ශාන්ත මයිකල් දේවස්ථානයේදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • ශාන්ත මයිකල් දේවස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වී හඩ්සන් පාර, නෙල්සන් පටුමග, ධර්මකීර්තියාරාම පාර, කාමල් පාර, කැමරන් පෙදෙස ඔස්සේ නැවත දේවස්ථානයට පැමිණීම

බස් රථ ගාල් කිරීම

  • පෙරහැර මාවත අල්විස් පෙදෙස හන්දිය සිට ජේම්ස් පීරිස් මාවත දෙසට





එක්සත් සමාජවාදී පක්ෂය

එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැස්වීම කොස්ගස් හන්දිය අසලදී පැවැත්වෙනු ඇත.

පෙළපාලිය ගමන් කරන මාර්ගය :-

  • ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය අසලින් පිටත්ව ඔරුගොඩවත්ත හන්දිය ස්ටේස් පාර ඔස්සේ කොස්ගස් හන්දිය දක්වා

සැහැල්ලු වාහන ගාල් කිරීම:

  • වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර)
Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem