Swipe left or right to navigate stories
මැදපෙරදිග යුද්ධය උණුසුම් කරමින් ඇමරිකාව - ඉරානය යළි ගැටෙයි

මැදපෙරදිග යුද්ධය උණුසුම් කරමින් ඇමරිකාව - ඉරානය යළි ගැටෙයි

ඇමරිකානු හමුදාව විසින් ඉරානය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරානය පවසයි.

ඉරානය විසින් සිදු කළ බව කියන මෙම ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව, කටාර්, කුවේට් හෝ බහරේන් යන රටවලින් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ ප්‍රතිචාරයක් නිකුත් වී නොමැත.

එමෙන්ම මෙම ප්‍රහාරවලින් සිදුවූ දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳවද ස්වාධීන මූලාශ්‍ර මඟින් මෙතෙක් තහවුරු කිරීමක් ලැබී නොමැති බව වාර්තා වේ.



ඉරාන ඉලක්ක 90කට ප්‍රහාර

ඊයේ (8) දිනයේදී ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරමින් මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන කාර්යාලය නිවේදනය කර ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකා සහ සිවිල් නාවිකයන්ට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සතු හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බව ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන කාර්යාලය ප්‍රකාශ කරයි.

ඇමරිකානු අංශවලට අනුව මෙම ප්‍රහාරවලින් ඉරාන හමුදා ඉලක්ක 90ක් විනාශ කර ඇති අතර ඒ අතරට ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළ නිරීක්ෂණ පහසුකම්, මිසයිල හා ඩ්‍රෝන ගබඩා, නාවික පහසුකම් සහ වෙරළබඩ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඇතුළත් වේ.



ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන ප්‍රදේශ

  • ඉරාන්ෂහර්
  • බන්දාර් අබ්බාස්
  • කොනාරක්
  • චාබහාර්
  • බුෂෙහර්
  • අක් කාලා (ඊසාන දිග කලාපය)

ඉරාන රාජ්‍ය මාධ්‍ය චාබහාර් ප්‍රදේශයේ කුළුණක් සහ ගබඩාවක් මෙන්ම අක් කාලා ප්‍රදේශයේ දුම්රිය පාලමක් ප්‍රහාරයට ලක්වූ බව තහවුරු කර තිබේ.



ඇමරිකානු කඳවුරුවලට ඩ්‍රෝන ප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලින් පැය කිහිපයකට පසු බහරේනයේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන් නාද වී ඇති අතර කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බවය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවය.

ඒ අනුව තමන් කුවේට්, කටාර් සහ බහරේන්හි පිහිටි ඇමරිකානු කඳවුරු වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව පවසයි.



ප්‍රහාරයට ලක්ව ඇති ප්‍රදේශ

  • කුවේට්හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් සහ පෙට්‍රෙයිට් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්.
  • බහරේන්හි පිහිටි ඇමරිකානු කඳවුරු දෙකක් සහ ඔවුන් භාවිත කළ ඉන්ධන ගබඩා පහසුකම්.
  • කටාර්හි පිහිටි පූර්ව අනතුරු ඇඟවීමේ චන්ද්‍රිකා සන්නිවේදන ඇන්ටෙනා මධ්‍යස්ථානයක්.

ඇමරිකාව තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ පිහිටි සෙසු ඇමරිකානු කඳවුරුද අනාගත ප්‍රතිප්‍රහාරවල ඉලක්ක වන බවට ඉරානය දැඩි ලෙස අනතුරු අඟවයි.

ඉරාන සන්නද්ධ හමුදා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නොසැලකිලිමත් ක්‍රියාමාර්ගවලට ඉඩ නොතබා ඉස්ලාමීය විප්ලවයේ උසස් අරමුණු ආරක්ෂා කිරීම වෙනුවෙන් අවසන් ජයග්‍රහණය තෙක් කටයුතු කරන බවය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem