උසස් අධ්යාපන ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සහ සුවිශේෂී සේවාව ඇගයීමට ලක්කරමින්, බ්රිතාන්යයේ ලෙස්ටර් විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්රිතාන්යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.
වින්ඩ්සර් මාලිගයේ පැවති නිල ගෞරව සම්මාන පිරිනැමීමේ උත්සවයේදී බ්රිතාන්යයේ තෙවන චාල්ස් රජු අතින් ඔහු මෙම උත්තමාචාරයට පාත්ර විය. මෙම සුවිශේෂී පදවියෙන් පිදුම් ලැබීමත් සමඟ මහාචාර්ය නිෂාන් කනගරාජා මහතාට තම නාමය ඉදිරියට "ශ්රීමත්" ගෞරව නාමය භාවිත කිරීමේ සුදුසුකමද හිමිවේ.
ලෙස්ටර් විශ්වවිද්යාලයේ දීර්ඝ ඉතිහාසය තුළ සුළුතර ජන වර්ගයකින් උපකුලපති ධුරයට පත් වූ ප්රථම පුද්ගලයා වන්නේද මහාචාර්ය නිෂාන් කනගරාජා මහතාය.
මූලික අධ්යාපනය යාපනයෙන්
1966 වසරේ යාපනය ප්රදේශයේ උපත ලැබූ කනගරාජා මහතා යාපනය ශාන්ත ජෝන් විද්යාලයේ ආදි සිසුවෙකි. එහිදී සිය මූලික හා ද්විතීයික අධ්යාපනය නිම කිරීමෙන් පසු ඔහු වැඩිදුර අධ්යාපනය සඳහා බ්රිතාන්යයේ ලොව සුප්රකට කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ ක්රිස්තු විද්යාලයට ඇතුළත් විය.
ඔහු 1989 වසරේ දී ඉලෙක්ට්රොනික හා තොරතුරු විද්යාව පිළිබඳ ගෞරව උපාධියත්, 1993 වසරේ දී ඩිජිටල් සංඥා සැකසීම පිළිබඳ ආචාර්ය උපාධියත් ලබාගනිමින් ඉහළම දක්ෂතා පෙන්වූවෙකි.
ශ්රී ලාංකික අනන්යතාවය ජාත්යන්තරය තුළ ඉහළින්ම ඔසවා තැබූ මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා මේ වන විට තිදරු පියෙකි.
Comments
Moderated before publishing. Your email stays private.