Swipe left or right to navigate stories
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව මැඩලීමට රාගම පොලිස් බලප්‍රදේශයට ඇඳිරිනීතිය

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව මැඩලීමට රාගම පොලිස් බලප්‍රදේශයට ඇඳිරිනීතිය

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා රාගම පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

මෙම නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් හයදෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මතුව ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර, බන්ධනාගාරය අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem