Swipe left or right to navigate stories
මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීම් වේගවත් කිරීමට පියවර

මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීම් වේගවත් කිරීමට පියවර

මෙරට අධිවේගී මාර්ග ජාලය පුළුල් කිරීමේ තවත් තීරණාත්මක පියවරක් තබමින්, මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත් පැකේජ පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනා සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් තෝරාගෙන ඇත.



රුවන්පුර අධිවේගී මාර්ගය (කහතුඩුව - ඉංගිරිය)

2026 ජූලි 27 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ, කහතුඩුව (කිලෝමීටර් 1+820) සිට ඉංගිරිය (කිලෝමීටර් 24+000) දක්වා වන මාර්ග කොටස පද්ධති අන්තර් හුවමාරුවද ඇතුළත්ව ඉදිකිරීමට නියමිතය.

ඒ සඳහා කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ කොන්ත්‍රාත්කරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට අනුමැතිය ලැබී තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගය (කුරුණෑගල - ගලේවෙල)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන හතරවන කොටසේ පළමු අදියර ලෙස කුරුණෑගල (කිලෝමීටර 78+000) සිට ගලේවෙල (කිලෝමීටර 116+500) දක්වා මාර්ග කොටස ඉදිකිරීම සඳහා 2026 ජුනි 30 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

එම මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා කොන්ත්‍රාත් පැකේජ 12ක් යටතේ තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem