Swipe left or right to navigate stories
මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රුපියල් කෝටි 6කට අධික මත්ද්‍රව්‍ය පාර්සල් 9ක් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රුපියල් කෝටි 6කට අධික මත්ද්‍රව්‍ය පාර්සල් 9ක් අත්අඩංගුවට

විදේශයන්හි සිට මෙරටට එවා තිබූ රුපියල් හය කෝටි දෙලක්ෂ හැටපන්දහසක් (රු. 60,265,000) වටිනා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 9ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය සහ මධ්‍යම තැපැල් අංශයේ නිලධාරීන් විසින් පසුගිය මාස කිහිපය තුළ සිදුකළ පරීක්ෂාවලදී මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබුණි.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී මූලික පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙන ලදී.



රටවල් 4කින් ආ පාර්සල්

අදාළ පාර්සල් භාරගැනීමට නියමිත පිරිස් වෙත ලබාදී තිබූ කාලසීමාව ඉක්මවා ගියද කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිට ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ රටවල් 4ක සිට මෙම මත්ද්‍රව්‍ය පාර්සල් එවා ඇති බවය.

  • තායිලන්තය: පාර්සල් 3ක්
  • ස්පාඤ්ඤය: පාර්සල් 2ක්
  • එක්සත් රාජධානිය: පාර්සල් 2ක්
  • ඇමරිකා එක්සත් ජනපදය: පාර්සල් 2ක්



සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ විස්තර

එම පාර්සල් 9 විස්තරාත්මකව පරීක්ෂා කිරීමේදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකිවී ඇති අතර ඒවායේ වීදි වටිනාකම මෙසේය.

  • කුෂ් ගංජා (ග්‍රෑම් 4,934): රුපියල් 49,340,000
  • හෂීෂ් (ග්‍රෑම් 1,035): රුපියල් 10,350,000
  • එක්ස්ටසි පෙති (ග්‍රෑම් 25): රුපියල් 375,000
  • කොකේන් (ග්‍රෑම් 4): රුපියල් 200,000
Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem